About Us

අප කවුරුන්ද?

About Us

🏢 සී/ර දොරවක පල්ලේබාගේ සණස සමිතිය

සී/ර දොරවක පල්ලේබාගේ සණස සමිතිය යනු, ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා විශ්වාසයෙන් හා වෘත්තීයත්වයෙන් යුතුව සේවය කරමින්, දිගුකාලීන ආයතනයක් ලෙස පිහිටා ඇති සමුපකාරික ආයතනයකි.

සී/ර දොරවක පල්ලේබාගේ සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය කැ/250 යටතේ ලියා පදිංචි සමුපකාර සමිතියකි.1937.04.27 සමිතිය ආරම්භ කර ඇති අතර දිස්ත්‍රික්කයේ සණස සමූපකාර සමිති වලින් එකකි. 2023 වර්ෂයේ රන් සම්මානයෙන් පිදුම් ලද ආයතනයකි.

වරකා පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දොරවක පල්ලේබාගේ,තල්ලියද්ද,හිඹුටුගොඩ පල්ලේගාන සහ හපුවල්ගොඩ, හිංග හෙට්ටිය, කිරිඳිගහවෙල යන ගම් සමිතියේ බල ප්‍රදේශ ලෙස සලකනු ලැබේ.මුළු ජනගහනය ආසන්න වශයෙන් ලක්ෂයක් පමණ වන අතර ප්‍රධාන ජීවනෝපාය වන්නේ රබර්,ගොවිතැන,බිඩිඑතීම වැනි කර්මාන්තයි.

සමූපකාර ප්‍රතිපත්ති හා සාරධර්ම මත පදනම් වූ නව සමාජයක් හා දර්ශණයෙන් ආරම්භ වන සණස ව්‍යාපාරයේ මූලික පුරුක ප්‍රාථමික සමිති වන අතර ප්‍රාථමික සමිතියක නිවැරදි කළමනාකරණ යොමුව සමස්ට ග්‍රාමීය ආර්ථික තුලින් ජාතික සංවර්ධනයට මනාව පිටුවහලක් වේ.

මෙම බල ප්‍රදේශයේ ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා මෙන්ම ඔවුන් සංවර්ධනය කරා ගෙනයාම සඳහා දොරවක පල්ලේබාගේ සණස සමිතිය වර්තමානයේ සමත්ව ඇත.සෑම අධ්‍යාපන,ආගමික,සමාජික සහ සමූහික කටයුත්තක දී මුලිකත්වය ගැනීම හා අනුග්‍රාහවය සණස සමිතියෙන් වීම සුවිශේෂීම ලක්ෂණය වේ.

101 වෙනි ජාත්‍යන්තර සමුපකාර දිනය නිමිත්තෙන් සමුපකාර දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ 2023 කාර්ය සාධන තරගාවලියේ දී අප සමිතිය රන් සමිමානයෙන් පිදුමි ලැබු වග ද සතුටින් දැනුම් දෙමි.

🏛 ආයතනයේ දැක්ම

අභිමානවත් තිරසාර සංවර්ධනයේ විශිෂ්ඨ සමූපකාර ව්‍යවසායකයා බවට පත්වීම

👥 ආයතනයේ මෙහෙවර

සමිති බල ප්‍රදේශයේ සමස්ථ ප්‍රජාවගේ ආර්ථිකය සාමාජීය,සංස්කෘතික හා අධ්‍යාපනික සංවර්ධනය සඳහා ඔවුන්ගේ වුවමනා සහ අවශ්‍යතා හඳුනාගනිමින් වඩා යහපත් හා කාර්යක්‍ෂම වූ සේවාවක් ලබා දීම

🎯අරමුණ

ඉහත මෙහෙවර ඉටු කිරීම සඳහා සෑම වසරකම සැලසුම්කළ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම

බල ප්‍රදේශය

  • පල්ලේබාගේ
  • තල්ලියද්ද
  • ගෙදර වෙල
  • පල්ලෙගාන
  • ඉඩමි ගෙදර
  • හපුවල්ගොඩ
  • හිඹුටුගොඩ
  • හිංගා හෙට්ටිය
  • කිරිදිගහවෙල
  • කන්ද තෝරදෙනිය
  • කැකුණ
  • වියන්වළිය

Our Latest videos

Accounting Services

🤝 අප හා සම්බන්ධ විය යුත්තේ ඇයි?

දැඩි විශ්වාසයකින් හා වසර ගණනාවක පළපුරුද්දකින්, අප ආයතනය ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය සහ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට කැපවී සිටී.

🔹 විශ්වාසවන්ත සහ නීතිමය අධීක්ෂණ යටතේ ක්‍රියාත්මක වීම
🔹 ප්‍රාදේශීය සහ සමාජීය වගකීම් ඉටු කිරීම
🔹 සාමාජිකයින්ගේ යහපත වෙනුවෙන් තීරණ ගන්නා ආයතනයක් වීම
🔹 සාධාරණ හා පැහැදිලි සේවාවන්

ඔබගේ අනාගතය සුරකින්න, අදම අප හා සම්බන්ධ වන්න – විශ්වාසයෙන්, සරලව, ආරක්ෂිතව.

As Featured In:

ඔබට අවශ්‍ය සියලු තොරතුරු අපට ලබා දී, ඔබට හොඳම විසඳුම ලබාගන්න.

ඔබේ අවශ්‍යතා සහ විස්තර අප වෙත ඉදිරිපත් කරමින්, අපගේ විශේෂඥයන් ඔබට ඉක්මනින් හා නිවැරදිව හොඳම විසඳුම ලබාදීමට සූදානම්